Empty Ad
AFC Banner
Empty Ad

ජේසුස් වහන්සේගේ පිළිමයකින් ගලා හැලෙනා ජල ධාරාවේ හාස්කම

යාපනයේ පිහිටි ජේසුසු වහන්සේගේ පිළිමයකින් ජලය ගලා හැලෙනා බවට වන පුවතක් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පේදුරුතුඩුව, කට්ටේකාඩු ප්‍රදේශයේ ස්ථාපිත ජේසුස් වහන්සේගේ පිළිමයකින් මෙලෙස ජලය ගලා එන බවත් ඊයේ (28) දිනයේ දී විශාල පිරිසක් එය නිරීක්ෂණයට පැමිණ ඇති බවයි.

ඇතැම් පිරිස් දේව හාස්කමකින් එය සිදු වී ඇති බවට සඳහන් කරමින් බෝතල්වලට ජලය එකතු කරගෙන තිබෙනවා.

ජේසුස් වහන්සේගේ පාදයකින් මෙලෙස ජලය ගලාවිත් තිබෙන බවත් සඳහන්.

ඇතැමෙක් පිළිමයෙන් ගලා ආ ජලය ගෙන සිය සිරුරේ තවරාගත් අයුරු ද නිරීක්ෂණය කිරීමට
හැකි වූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

පැය තුනකට ආසන්න කාලයක් පිළිමයෙන් ජලය ගලාගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?