AFC Banner
Empty Ad

ජූලි චන්ග්ගෙන් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ලැබෙන සහාය ගැන සහතිකයක්

ශ්‍රී ලංකාවේ, අමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය හා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (24) සිදු වුණා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දියි.

මෙම හමුවේ දී පළමුව අමෙරිකානු තානාපතිවරිය විසින් කතානායකවරයාට සුබ පැතුම් ද එක් කරනු ලැබූ අතර කතානායකවරයා ද අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සිය සුබාශිංසන එක් කළා.

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සිය සතුට පළ කළ ඇය, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා
වැදගත් පියවරක් වනු ඇති බවයි කියා සිටියේ.

COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වල දී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහායට ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කතානායකවරයා සිය ස්තුතිය පුද කළා.

දෙරට අතර සහයෝගීතාව හරහා විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැනි මුලපිරීම් ඔස්සේ විනිවිදභාවය, වගවීම සහ පාලනය තුළ පුරවැසි සහභාගීත්වය වර්ධනය කිරීමට ඇති හැකියාව ද ඇය මෙහිදී අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?