ජුලි පලවනදා සිට යළිත් බස් ගාස්තු ඉහළට ?

මේ වසරට අදාළ වාර්ෂික බස් ගාස්තු ජූලි 01 වැනිදා සිට සංශෝධනය සිදුවිය යුතු බවත් , ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 03 කින් හා එතැන්පටන් ගාස්තුව 15 % ත් 20 % ත් අතර මුදලකින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි . යම් ලෙසකින් ඉදිරි දිනවල ඉන්ධන මිල ඉහළ දැම්මක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 05 කින් හා එතැන් පටන් ගාස්තුව 20 % ත් 30 % ත් අතර මුදලකින් ඉහළ යා යුතු බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය . 2002 ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි 01 වැනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධයක් සිදුවිය යුතු බවත් , මේ අනුව කරුණු 12 ක් මුලික කර ගෙන නව බස් ගාස්තුවක් ජූලි 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව නීතියෙන් බැඳීසිටින බවත් ඒ මහතා පවසා සිටියේය .

පසුගිය දිනවල ඩීසල් මිල ඉහළ දැමීම පදනම් කර ගෙන බස් ගාස්තු සංශෝධනයක් සිදු වී තිබෙන නිසා උද්ධමනය ඉහළ යාම අමතර කොටස් මිල ඉහළ යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සේවක වැටුප් ඉහළ යාම බැංකු පොලී ඉහළ යාම් ඇතුළු කරුණු 11 ක් සැලකිල්ලට ගෙන මෙවර ගාස්තු සංශෝධනය සිදුවිය යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය . එහෙත් ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගියහොත් බස් ගාස්තු සංශෝධනයට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු විය යුතු බවත් , සාමාන්‍ය තත්ත්වය යටතේ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය . ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 40 ක් බවට පත් විය යුතු බවත් , පවතින අර්බුදකාරී තත්ත්වය තුළ බස් කර්මාන්තය පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කටයුත්තක් බවට පත් වී තිබෙන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?