ජුලි පලවනදා සිට යළිත් බස් ගාස්තු ඉහළට ?

මේ වසරට අදාළ වාර්ෂික බස් ගාස්තු ජූලි 01 වැනිදා සිට සංශෝධනය සිදුවිය යුතු බවත් , ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 03 කින් හා එතැන්පටන් ගාස්තුව 15 % ත් 20 % ත් අතර මුදලකින් ඉහළ දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි . යම් ලෙසකින් ඉදිරි දිනවල ඉන්ධන මිල ඉහළ දැම්මක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 05 කින් හා එතැන් පටන් ගාස්තුව 20 % ත් 30 % ත් අතර මුදලකින් ඉහළ යා යුතු බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය . 2002 ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි 01 වැනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධයක් සිදුවිය යුතු බවත් , මේ අනුව කරුණු 12 ක් මුලික කර ගෙන නව බස් ගාස්තුවක් ජූලි 01 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව නීතියෙන් බැඳීසිටින බවත් ඒ මහතා පවසා සිටියේය .

පසුගිය දිනවල ඩීසල් මිල ඉහළ දැමීම පදනම් කර ගෙන බස් ගාස්තු සංශෝධනයක් සිදු වී තිබෙන නිසා උද්ධමනය ඉහළ යාම අමතර කොටස් මිල ඉහළ යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සේවක වැටුප් ඉහළ යාම බැංකු පොලී ඉහළ යාම් ඇතුළු කරුණු 11 ක් සැලකිල්ලට ගෙන මෙවර ගාස්තු සංශෝධනය සිදුවිය යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය . එහෙත් ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගියහොත් බස් ගාස්තු සංශෝධනයට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු විය යුතු බවත් , සාමාන්‍ය තත්ත්වය යටතේ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 35 ක් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය . ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 40 ක් බවට පත් විය යුතු බවත් , පවතින අර්බුදකාරී තත්ත්වය තුළ බස් කර්මාන්තය පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කටයුත්තක් බවට පත් වී තිබෙන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17