ජීවිතය ගැනවත් නොසිතා විශාල අනතුරක් වළක්වා ගත් සමන්ත

අද (05) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශවාසියෙකු සමත් වුණා.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදු ව තිබුණේ මොරටුව, මෝදර ප්‍රදේශයේදීයි.

හානි සිදුව තිබූ දුම්රිය පීල්ල දුටු සමන්ත ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වී එම දුම්රිය පීල්ලේම එම අවස්ථාවේ ඉදිරියට පැමිණෙමින් තිබූ දුම්රිය නැවැත්වීමට පියවර ගෙන තිබුණා.

සිය ජීවිත අවදානම ද නොතකමින් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට සමන්ත ප්‍රනාන්දු මහතාගේ ඉදිරිපත්වීම මිනිසුන් වශයෙන් අප අගය කළ යුත්තක්.

මේ හේතුවෙන් අද (05) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ පානදුරේ සිට මොරටුව දක්වා වසා දැමීමට සිදු වූ අතර, දුම්රිය ප්‍රමාදයක් ද සිදු වුණා.

අනතුරුව දුම්රිය සේවකයින් දුම්රිය මාර්ගය පිළිසකර කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
2
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?