ජීවිතය ගැනවත් නොසිතා විශාල අනතුරක් වළක්වා ගත් සමන්ත

අද (05) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශවාසියෙකු සමත් වුණා.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදු ව තිබුණේ මොරටුව, මෝදර ප්‍රදේශයේදීයි.

හානි සිදුව තිබූ දුම්රිය පීල්ල දුටු සමන්ත ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වී එම දුම්රිය පීල්ලේම එම අවස්ථාවේ ඉදිරියට පැමිණෙමින් තිබූ දුම්රිය නැවැත්වීමට පියවර ගෙන තිබුණා.

සිය ජීවිත අවදානම ද නොතකමින් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට සමන්ත ප්‍රනාන්දු මහතාගේ ඉදිරිපත්වීම මිනිසුන් වශයෙන් අප අගය කළ යුත්තක්.

මේ හේතුවෙන් අද (05) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ පානදුරේ සිට මොරටුව දක්වා වසා දැමීමට සිදු වූ අතර, දුම්රිය ප්‍රමාදයක් ද සිදු වුණා.

අනතුරුව දුම්රිය සේවකයින් දුම්රිය මාර්ගය පිළිසකර කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26