AFC Banner
AFC Banner
Empty Ad

ජීවිතයකට මරු කැඳවූ රිය අනතුර

පිළියන්දල – හොරණ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම පුද්ගලයා මාර්ග නීතිරීති උල්ලංඝනය කර පාර හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදීයි යතුරුපැදියක් පැමිණ ඔහුගේ ගැටී ඇත්තේ.

74 හැවිරිදි මෙම මරණකරු රෝහල්ගත කළ ද මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇති පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුකාර්මිකයෙක්.

මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට මාර්ගය හරහා මාරුවීමේ දී කොළඹ දිශාවට ගමන් ගත් යතුරුපැදියක පැති කන්නාඩියේ ගැටී උඩුබැලි අතට මාර්ගයේ මෙම පුද්ගලයා ඇදවැටී තිබෙනවා.

යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?