ජීප් රථයක්, ත්‍රීරෝද රථයක ගැටෙයි – කුඩා ළමුන් දෙදෙනෙකුට තුවාල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල ප්‍රදේශයේ දී අද (07) පෙරවරු 11.30 ට පමණ මාවනැල්ල ප්‍රදේශයේ සිට නුවර දෙසට ගිය සුඛෝපභෝගි ජීප් රථයක වේගය පාලනය කිරිමට නොහැකිව අසළ නවතා තිබූ ත්‍රී රෝද රථයක ද ගැටී පාරෙන් ඉවතට පැන අනතුරකට ලක් වී තිබුණා.

මෙම ජීප් රථයේ තරුණයන් පිරිසක් ගමන් කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ත්‍රීරෝද රථයේ සිටි වයස අවුරුද්දක පමණ කුඩා දරුවෙක් සහ තවත් දරුවෙක් ද තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ජීප් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයෙන් පැමිණි පිරිස මහනුවර, තලාතුඔය සිට අලුත් නුවර දේවාලයට ගොස් කුඩා දරුවා වෙනුවෙන් භාරයක් ඔප්පු කර නැවත පැමිණෙන අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

මෙම අවස්ථාවේ දරුවන් දෙදෙනා පමණක් ත්‍රීරෝද රථයේ සිටි අතර වැඩිහිටියන් දෙපළ අසළ තිබූ කඩයකට ගොස් සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියේ රථවාහන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34