සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍යය ඡාවාරම්කරුවකු වන ඡිලේ නැමත්තාගේ ගෝලයෙක් බව පැවසෙන පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) දින හෝකන්දර සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ලක්ෂ 80ක් පමණ වටිනාකමකින් යුත් අයිස් ග්‍රැම් 502 ක් සහ හෙරොයින් ග්‍රෑම් 104 ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහනය කරමින් සිටියදි මෙම සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලක් බවයි පොලිසිය පවසන්නේ.
දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක් වන ඡිලේ නැමත්තාගේ මෙරට මත්ද්‍රව්‍යය ඡාලය මෙහෙයවනු ලබන්නේ මෙම සැකකරු බවට තොරතුරු අණාවරනය වී තිබෙනවා.





