AFC Banner
AFC Banner
Empty Ad

ජැෆ්නාවරුන්ගෙන් ගාල්ලට ලකුණු 178ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02) දහවල් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ ගෝල් මාර්වල්ස් කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් කින්ග්ස්වරුන් කඩුලු 07ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වුණා.

ඒ අනුව ලකුණු පුවරුව ඔසවා තැබීමේ වැඩි ගෞරවයක් පන්දු 33ක දී හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 53ක් ලබාගත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සහ පන්දු 48ක දී ලකුණු 59ක් එක් හයේ පහරක් සහ හතරේ පහර 07ක් සමගින් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දුගේ නම් ඉදිරියෙන් ලියැවෙනවා.

නායක චරිත් අසලංක සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 33ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී සහූර් ඛාන් ලකුණු 34කට කඩුලු 03ක් සහ කඩුලු දෙක බැගින් Dwaine Pretoriusටත් ඉසුරු උදානටත් හිමි වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් ගෝල් මාර්ව්ල්ස් කණ්ඩායම පන්දු 120ක දී ලකුණු 178ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?