ජා කොටුව වෙරළ තීරයේ අභිරහස් නිසළ සිරුරක්

ගාල්ල, ජා කොටුව වෙරළ තීරයට ගොඩගසා තිබු නාඳුනන මළසිරුරක් පැය ගණනාවක් පුරා රෝහලට ප්‍රවාහනය කර ගැනීමට නොහැකිව තිබියදී ගාල්ල ජාතික රෝහල වෙත ප්‍රවාහනය කර දීමට ගාල්ල කටුගොඩ ජනාසා සේවය ඊයේ (07) සවස කටයුතු කර තිබෙනවා.

ගාල්ල ජා කොටුව වෙරළ තීරයට ඊයේ (07) දහවල් නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබු අතර පොලිසිය සහ මරණ පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු මළ සිරුර ප්‍රවාහනය කර ගැනීම සඳහා වාහනයක් නොමැතිවීමෙන් පැය කිහිපයක් පුරා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නගර සභාව සහ වගකිවයුතු බලධාරීන් දැනුවත් කළද ඔවුන්ගෙන් ද නිසි ප්‍රතිචාරයක් නොමැති දීම නිසා ඒ සම්බධයෙන් කටුගොඩ ජනාසා සේවයට දැනුම් දීමෙන් පසු විනාඩි කිහිපයක් තුළ ඔවුන් පැමිණ මළ සිරුරේ ගාල්ල ජාතික ගාල්ල ජාතික රෝහල වෙත ප්‍රවාහනය කර ඇති බවයි පැවසෙන්නේ.

මියගිය අය වයස අවුරුදු 65ක් පමණ වන බවට අනුමාන කරන බවත් ඔහුගේ අනන්‍යතාවය හෙළි වී නොමැති බවද පොලිසිය පවසනවා.

සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මළ සිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?