ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකාර ජානකී සිරිවර්ධන අද (05) දින අලුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (04) දහවල් කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් කාල්ටන් සමාගමේ කාර්යාලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගනු ලැබුවා.