හිටපු ‘ක්‍රිෂ්’ (Krrish) සමාගම් අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධනගෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා.
එහිදී නාමල් රාජපක්ෂ හමු වී ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුකර බව වාර්තා වනවා.













