ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට රජය නිවැරදි මැදිහත්වීම සිදු කරන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දීයි.
සෞදි රජයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි මෙට්‍රික් ටොන් 50 ඉතා සාධාරණව පල්ලි අතරේ බෙදීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
යාපනය – වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉදිකර ඇති පන්සලක් සම්බන්ධයෙන් කාරක සභාවේදී විමසීමක් සිදු කෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එම ස්ථානය නිරීක්ෂණය සඳහා පැමිණෙන බවත් ඒ අනුව වඩා සාධාරණ මැදිහත් වීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
මීට පෙර මෙම රටඉඳි බෙදා දීමේදී අක්‍රමිකතා සිදු වූ බවට තමාට වාර්තා වූ බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ඉතා සාධාරණව සහ විනිවිද බවකින් යුතු ව මෙවර එම කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.