ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වසර 10කට පසු කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කැඳවා තිබූ අතර මෙහිදී 2019 වසර සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවුණා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබුණා.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමුවිය.

පනත කඩිනමින් යාවත්කාලීන කිරීම

2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පිහිටුවා ඇති මෙම ආයතනයේ පනත වත්මන් අවශ්‍යතාවට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කමිටුව ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ ගැටලුව

2008 වසරේ පත්වීම් ලබා ඇති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2019 වසරේදී වැඩතහනමකට ලක්ව 2020 වසරේ සේවයේ නැවත පිහිටුවා ඇති බව හෙළිවිය. විධිමත් විනය පරීක්ෂණයකින් තොරව වැඩතහනමට ලක්වූ කාලට අදාළව වැටුප් සහ දීමනා ලෙස රු.556108ක මුදලක් ද ගෙවා ඇති බවත් මේවන විට ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදී ඇතිබවත් අනාවරණය විය. මෙම නිලධාරියා සම්බන්ධයෙන් ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. එසේම ආයතනයේ ප්‍රධානම තනතුරක් වන අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා වැඩබලන නිලධාරියෙකු කඩිනමින් පත්කරන ලෙසත් ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නේය.

නව ගොඩනැගිල්ලක ස්ථානගතවීමට සති දෙකක කාලයක්

සේවකයන් 29 දෙනෙකු පමණක් සිටින ආයතනයකට මහල් 5කින් යුතු ගොඩනැගිල්ලක් රු.ලක්ෂ 12.5ක මුදලට ආ‍යතනයේ ප්‍රධාන කාර්යාලය ලෙස කුලියකට ගැනීම පිළිබදව සාකච්ඡා විය. 2017 වසරේදී කුලියට ලබා ගත් මෙම ගොඩනැගිල්ල සදහා ගෙවීම් සිදුකිරීම නාස්තියක් බව පෙන්වා දෙමින් අවස්ථා ගණනාවකදී කරුණු පෙන්වා දී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය. එසේම මෙම ගිවිසුම් බදු කාලය 2023 වසරේ පෙබරවාරි මාසයෙන් අවසන්ව ඇති බවද හෙළි විය. ඒ අනුව සති දෙකක් තුළ මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දු පිළිබද වාර්තා කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

පුහුණු පාඨමාලා පැවැත්වීම පෞද්ගලික ආයතන වෙත පවරා තිබීම

මෙම ආයතනය භාෂා පුහුණු පාඨමාලා පැවැත්වී‍ම පෞද්ගලික ආයතනවලට පවරාදීම පිළිබදව අවධානය යොමුවිය. රජයේ නිලධාරින්ට භාෂාවන් සම්බන්ධ ප්‍රවිණතාව ලබා ගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක මෙම ආයතනය පාඨමාලා පැවැත්වීමෙන් ලැබෙන ආදායමෙන් ආයතනයට 15%ක් පමණක් ලැබෙන බව ද හෙළිවිය. මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ හරහා පාඨමාලාවල ගුණාත්මක බව ඇතුළු කරුණු පිළිබදවද ගැටලු මතුවන බවයි. එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශය සමග එක්ව තීරණයක් ගන්නා ලෙසත් ගනු ලබන ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය.

අමාත්‍යාංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම

විවිධ අමාත්‍යාංශ යටතේ අවස්ථා ගණනාවකදී පැවති මෙම ආයතනයේ පරිපාලනය කෙරෙහි අමාත්‍යාංශයේ මැදිහත්වීම මීට වඩා සිදුවිය යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණ‍ය කළේය. මේ අනුව ආයතනය අමාත්‍යාංශයට පරිබාහිරව කටයුතු කරන්නේ නම් ලැබී ඇති බලතල අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

මීට අමතරව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව 2019 වසරේදී ගුවන්විදුලි වැඩසටහනක් සදහා රු. මිලියන 15ක් සහ රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙන් රු. මිලියන 4ක් වැය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය. මේ පිළිබද ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ වාර්තා කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදීම සිදුවිය.

එසේම මෙහිදී අදහස් දක්වමින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපතිවරයා පවසා සිටියේ මේ වන විට ස්වයංව යැපීමට හැකි පරිදි ආයතනය වර්ධනය වූ බවත් රු. මිලියන 162ක මුදල් තැන්පතුවක්ද කිරීමට හැකියාව ලැබූ බවයි.

මේ අනුව කෝප් කමිටුවෙන් ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය විමසීම සදහා මෙම ආයතනය නැවත මාස හයකින් කැදවීමට ද මෙහිදී තීරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55