ජාතික ආරක්ෂාව ගැන විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ජාතික ආරක්ෂක තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (20) උදෑසන පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම රැස්වීමට මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීතරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ආචාර්ය පී. සත්‍යලිංගම් සහ නිසාම් කාරියප්පර් අය සහභගී වී තිබෙනවා.

මෙම තත්ත්වය මහජනතාවගේ ජීවිතවලට බලපා ඇති බවත්, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ තම මහජන සේවාවන් ඉටු කිරීමට නොහැකි තත්ත්වයන් නිර්මාණය වී ඇති බවත් පක්ෂ නායකයින් මෙහිදී පේනවා දී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත නිදහසේ සහ ස්වාධීනව තම රාජකාරි ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම කතානායකවරයාට අවධාරණය කළ යුතු බවයි මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කර ඇත්තේ.

පැවතී ඇති තත්ත්වයන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව, පක්ෂ නායකයින් කතානායකවරයා හමුවී මෙම තීරණ සහ යෝජනා පිළිබඳව දැනුම් දුන් බවයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?