AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි (වීඩියෝ)

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ රැස්වුණා.

ඒ ජනාධිපති කාර්‍යාලයේදීයි.

එළැඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ ව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මැතිවරණ දිනයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පශ්චාත් මැතිවරණ සමයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?