ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොරෝනා.. පාසල වසා දමයි…

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම පාසල විෂබිජහරණය කරන තෙක් (16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා (15) දින දික්ඔය මුලික රෝහල වෙත ගිය අවස්තාවේ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් රොගින් දෙදෙනාම ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර ඇති අතර, එහිදි ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්,කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත්,අසාදිත ගුරුවරිය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්විම් කටයුතු සිදු කරන බව තහවුරුවි ඇති බවයි  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර අචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09