spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජවිපෙ අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඊයේ (18) මෙම හමුව පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?