ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර පසුගිය දා රෝමයේ දී අවසන් වූ ලෝක බොක්සිං (World Boxing – WB) වාර්ෂික සම්මේලනයට සහභාගී වුණා.
ජාත්‍යන්තර බොක්සිං ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ වැඩිවන සහයෝගීතාව ඉස්මතු කරමින් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයාගේ සහභාගීත්වය විශේෂයෙන් වැදගත් වෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, එය ගෝලීය තලයේ IOC (ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව) හා සම්බන්ධ ක්‍රීඩා ඉහළ නැංවීමට ජාතියක් ලෙස ඇති කැපවීම ද අවධාරණය කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1





