මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසිනුයි මෙම ජාතික කාන්තා සතිය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ඒ, අනුව අද සිට (02) සිට ලබන 08 වනදා දක්වා මෙම ජාතික කාන්තා සතිය ප්‍රක්ෂයට පත්කර තිබෙනවා.
“තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන්න මෙවර කාන්තා දින ජාතික තේමාවයි.
මෙම කාන්තා සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසළතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1
1














