ජාත්‍යන්තරය ජයගත් ලංකාවේ හේමාල්, කුමාර් සානු සමඟ ගී ගයන්න සැරසෙයි

ස්කොට්ලන්තයේ පිහිටි ඉන්දියානු ගුවන් විදුලි නාළිකාවක් මඟින් සංවිධානය කළ ගායන තරඟයකින් ජයගැනීමට ශ්‍රි ලාංකික තරුණයෙකු වන සංගීත් නිපුන්, විශාරද හේමාල් වාහලතන්ත්‍රී සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ ජනප්‍රිය ගායක කුමාර් සානු සමඟ එක්ව ස්කොට්ලන්තයේ පවත්වන ප්‍රසංගයකදී ගීත ගැයීමට වරම් ලබාදීම සදහා මෙම ගායන තරඟය සංවිධානය කර තිබුණා.

එය Kumar Sanu Competition – Sing on Stage නමින් පැවැති තරඟයට ඉන්දියාව ඇතුළු රටවල් රැසක තරුණ තරණියන් රැසක් එක්ව සිටි අතර තරඟ වට ගණනාවක් පවත්වා අවසන් තිදෙනා තෝරාගෙන තිබෙනවා.

අවසන් වටයට ඉන්දියානු දෙදෙනෙකු සහ ශ්‍රි ලංකාවේ සංගීත් නිපුන්, විශාරද හේමාල් වාහලතන්ත්‍රී තේරිපත්ව තිබුණා.

පළමුවන ස්ථානය තෝරා ගැනීම ජනප්‍රිය ගායක කුමාර් සානු විසින් විනිශ්චය කර ඇති අතර, ඒ අනුව ජයග්‍රහකයා බවට පත්ව ඇත්තේ හේමාල් වාහලතන්ත්‍රීයි.

ඒ, අනුව හේමාල් ලබන මාසයේ ස්කොට්ලන්තයේ පවත්වන ප්‍රසංගයකදී ඉන්දියාවේ ජනප්‍රිය ගායක කුමාර් සානු සමඟ එක්ව ගී ගැයීමට නියමිතයි.

හේමාල් වාහලතන්ත්‍රී ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහගේ ශිෂ්‍යයෙක්.

2015 රාජ්‍ය සංගීත උළෙලේදී ප්‍රශස්තම ශාස්ත්‍රීය ගායනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලබාගත් හේමාල් පසුව රාජ්‍ය සංගීත කණ්ඩායමට එක්ව එහි සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු මේ වන විට ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ දෙවැනි ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?