Indian Premier League

ජාත්‍යන්තරයේත් ඉදි වූ ‘ගෝඨා ගෝ ගම’ (ඡායාරූප)

ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක ජන අරගලය අද 24 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මෙම අරගලයට එක්ව සිටින අරගලකරුවන්, අරගලය ආරම්භ කළ පළමු දින කිහිපයේදීම කටයුතු කළේ ‘ගෝඨා ගෝ ගම’ නමින් ගම්මානයක් නිර්මාණය කිරීමටයි.

අනතුරුව මෙම ‘ගෝඨා ගෝ ගම’ සංකල්පය මෙරට ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්ත වූ අතර මෙ වනවිට එය ලෝක මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඒ අනුව ‘ගෝඨා ගෝ ගමක්’ ලන්ඩන් නුවර ද ස්ථාපනය කිරීමට එරට ජීවත්වෙන ශ්‍රී ලංකික පුරවැසියන් කටයුතු කර තිබුණේ ඊයේ දිනයේදීයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ස්ථාපනය කර ඇති මෙම ‘ගෝඨා ගෝ ගම‘ දින 14ක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?