ජල ටැංකියක් තුළ ජීවිතය හැර ගිය අවුරුදු 03ක දැරිය

වයස අවුරුදු 03ක දැරියක් නිවසක ජල ටැංකියට වැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඊයේ (04) වව්නියාව, සුන්දරපුරම් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාල දැරිය මිදුලේ ඉදිකර තිබූ ජල ටැංකියට නැඟීමට ගත් උත්සහයකදී මෙලෙස ටැංකියට තුළට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය මිදුලේ නොමැති බව දැනගත් ඇයගේ මව සිදුකළ සෝදිසි කිරීමේදී ටැංකියට වැටී සිටි දැරිය හමුව තිබෙනවා.

අනතුරුව දැරිය වහාම රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇතත් ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මවගේ නොසැලිකිලිමත්කම දැරිය මෙලෙස මරණයට පත්වීමට හේතුවක් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?