හැටන් ඔයේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ සිරුර ඊයේ (07) සොයාගත් බවය.
හැටන් ඔයේ ෂැනන් ෆෘට්හිල් වත්ත ප්‍රදේශයේ නාඳුනන කාන්තා සිරුරක් තිබෙන බවට එම වතු යායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත පොලීසිය එම ප්‍රදේශයට ගොස් තිබුණි.
එම කාන්තාව අවුරුදු 50ක් පමණ වයස වේ යැයි අනුමාන කෙරේ.
එම සිරුර දින කිහිපයක් ඔයේ තිබෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
