ජම්බු ගෙඩිය උගුරේ සිරවී 08 හැවිරිදි පුංචි දියණිය දිවිගමනට සමුදෙයි

ජම්බු ගෙඩියක් උගුරේ සිරවීමෙන් වයස අවුරුදු 08 ක දැරියක් අද දහවල් මියගොස් ඇති බව වාරියපොල රෝහල පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල දංගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තෙනුරි කේෂලා ඉදුරංගොඩ නැමැති දැරියක්.

දරුවන් තිදෙනකු සිටින පවුලක බාල දියණිය වූ මියගිය දැරිය, සිය මව සමග සීයා බැලීමට වාරියපොල හම්මාලිය ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදුවී තිබෙනවා.

තවත් ළමුන් කීපදෙනකු සමග ජම්බු කමින් මිදුලේ සෙල්ලම් සිටියදී දරුවාගේ උගුරේ ජම්බු ගෙඩියක් සිරවී ඇති බව දරුවාගේ සීයා පැවසුවේ. ඉක්මණින් දරුවා රෝහල වෙත රැගෙන ආවත් ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටියා.

දැරියගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?