ජපාන සංචාරයක අවසන් කරමින් ජනපති දිවයිනට (වීඩියෝ)

ජපානයේ නිල සංචාරයක අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා අද (01) උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ජපන් රජයෙන් ලැබුණු ආරාධනයකට අනුව ජනධිපතිවරයා, ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගී වීමෙන් අනතුරුව ජපානය බලා පිටත්ව ගියා.

ඒ, අනුව පසුගිය සැප්තැම්බර් 27 වන දා සිය ජපාන නිල සංචාරය ආරම්භ කළ ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවති “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සබඳතා පුළුල් කෙරෙන ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට ද ජනාධිපතිවරයා මෙහිදී එක් වූ අතර, ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා, ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු, ආරක්ෂක අමාත්‍ය ඩීඑම් නකටානි යන අමාත්‍යවරු සහ නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සභාපති ටනාකා අකිහිකෝ ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක ජපාන අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වී සුහද පිළිසඳරකද නිරත වුනේ ඊයේ (30) දිනයේදියි.

මේ අතර, ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකටද එක් වූ ජනාධිපතිවරයා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සඳහා ද එක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සහ මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකර පරිසරය පිළිබඳව එහිදී පැහැදිලි කළා.

ජපාන – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි (Project for the Enhancement of Productivity in the Dairy Sector) ප්‍රදාන ගිවිසුමට (Grant Agreement) අත්සන් තැබීමද ජනාධිපතිවරයාගේ සංචාරයට සමගමීව සිදු කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?