ජපාන මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම්

ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් මුහුදුබත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ හොංකොංහි ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එලෙස මුහුදුබත්වී ඇති බවයි.

ටොන් 6,551ක් බරැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වන විට එහි කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

ඔවුන්ගෙන් 14 දෙනෙකු චීන ජාතිකයින් වන අතර ඉතිරි 8 දෙනා මියන්මාර ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

අසල තිබූ යාත්‍රා මඟින් පස්දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 8 දෙනෙකු ජපන් සහ දකුණු කොරියානු වෙරළාරක්ෂක භටයින් විසින් බේරාගෙන තිබෙනවා.

අතුරුදන්වූ අනෙක් 09 දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

නෞකාව ගිලී ගිය ප්‍රදේශය නාගසාකි සහ දකුණු කොරියාවේ ජෙජු දූපත අතර වන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශයේ ගුවන් ගමන් සිය ගණනක් ද අවලංගු කර තිබෙනවා.

නෞකාව ගිලී යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවටයි මේවන විට අනාවරණ වී ඇත්තේ.

බේරාගත් පුද්ගලයින් හය දෙනෙකු සිහිසුන්ව සිටි අතර ඉන් පස් දෙනෙකු රාත්‍රී 8.30 වන විට යථා තත්වයට පත්වී තිබෙනවා.

යාත්‍රාවේ අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙරළාරක්‍ෂක ප්‍රකාශකයෙකු පැවසුවේ එම අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි සුළං තත්වයක් පැවති බවයි.

මෙම යාත්‍රාව මැලේසියාවේ සිට දකුණු කොරියාවේ ඉන්චියොන් දක්වා දැව රැගෙන යමින් තිබූ එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34