AFC Banner
AFC Banner
Empty Ad

ජපාන මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම්

ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් මුහුදුබත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ හොංකොංහි ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එලෙස මුහුදුබත්වී ඇති බවයි.

ටොන් 6,551ක් බරැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වන විට එහි කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

ඔවුන්ගෙන් 14 දෙනෙකු චීන ජාතිකයින් වන අතර ඉතිරි 8 දෙනා මියන්මාර ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

අසල තිබූ යාත්‍රා මඟින් පස්දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 8 දෙනෙකු ජපන් සහ දකුණු කොරියානු වෙරළාරක්ෂක භටයින් විසින් බේරාගෙන තිබෙනවා.

අතුරුදන්වූ අනෙක් 09 දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

නෞකාව ගිලී ගිය ප්‍රදේශය නාගසාකි සහ දකුණු කොරියාවේ ජෙජු දූපත අතර වන අතර, අයහපත් කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශයේ ගුවන් ගමන් සිය ගණනක් ද අවලංගු කර තිබෙනවා.

නෞකාව ගිලී යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවටයි මේවන විට අනාවරණ වී ඇත්තේ.

බේරාගත් පුද්ගලයින් හය දෙනෙකු සිහිසුන්ව සිටි අතර ඉන් පස් දෙනෙකු රාත්‍රී 8.30 වන විට යථා තත්වයට පත්වී තිබෙනවා.

යාත්‍රාවේ අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙරළාරක්‍ෂක ප්‍රකාශකයෙකු පැවසුවේ එම අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි සුළං තත්වයක් පැවති බවයි.

මෙම යාත්‍රාව මැලේසියාවේ සිට දකුණු කොරියාවේ ඉන්චියොන් දක්වා දැව රැගෙන යමින් තිබූ එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?