ජපානය හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩාව – සංස්කෘතිය දියුණු කිරීමට ද්විපාර්ශ්වික සාකච්ඡා

ජපානයේ තානාපති අකියෝ ඉසෝමාටා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් ඊයේ (23) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවත්වුණා.

අප වාර්තාකරු පැවසුවේ මෙම හමුවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ද සහභාගී වූ බවයි.

දෙරට අතර තරුණ තරුණියන් මුහු කෙරෙන වැඩසටහන් පිළිබඳවත්, ජපන් සංස්කෘතියේ විවිධ අංග සහ මාෂල් ආර්ට් වැනි ක්‍රීඩා මෙරට තරුණ තරුණියන් අතර ප්‍රචලිත කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳවත් මෙහිදී සුහදශීලී සාකච්ඡාවක් සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?