ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව පවතින බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18ත් 35ත් අතර අයට මෙම රැකියා අවස්ථා නොමිලේ හිමිව තිබෙනවා.

වසර 05ක කාලයක් සඳහා මෙම රැකියා හිමිවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම අවම වැටුප රුපියල් ලක්ෂ හතරකට අධික බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ට ද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති ප්‍රධානම විශේෂත්වයක් වනවා .

රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්යවන අතර, උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය කර තිබෙනවා.

JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ද මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව ශරීරයේ පච්ච (ටැටූ) නොතිබීමද අනිවාර්ය කරුණක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

එම සුදුසුකම් සපුරන ලද අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?