ජපානයේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ වීඩියෝ දර්ශණ ප්‍රසිද්ධ කරයි

මධ්‍යම ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යාම සම්බන්ධයෙන් ප්‍රථම වරට ආරක්ෂිත කැමරා දර්ශන ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඇයගේ පවුලේ අය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් විසිනුයි එම දර්ශන ප්‍රසිද්ධ කර ඇත්තේ.

2021 වසරේ මාර්තු මාසයේදී නගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ රඳවා සිටි වයස අවුරුදු 33ක කාන්තාවක් මරණයට පත් වුණා.

එම ශ්‍රී ලාංකික කාන්තාව ඇතුලත් දළ වශයෙන් මිනිත්තු 7ක ආරක්ෂක කැමරා දර්ශන රජය විසින් ලබාදී ඇති අතර ටෝකියෝ හි පැවති මාධ්‍ය හමුවකදී ඒවා අනාවරණ කරනු ලැබුවා.

මරණයට සති දෙකකටත් අඩු කාලයකට පෙර නිකුත් කරන ලද එම ඇතැම් දර්ශනවල දැක්වෙන්නේ ඇය ඇඳේ වැතිරී සිටින අතර ඇයට චලනය වීමට හෝ ආහාර ගැනීමට නොහැකි බව පැවසීමෙන් පසු ඇයව රෝහල් ගත කරන ලෙස නිලධාරීන්ට කන්නලව් කරන ආකාරයයි.

වේදනාවෙන් විලාප නගන ලාංකික කාන්තාවට උපස්ථාන කරමින් නිලධාරියෙකු සහ හෙදියක සතුටු සාමීචියේ යෙදෙන ආකාරය ද එම වීඩියෝවල ඇතුලත්.

ඇය මිය ගිය අවස්ථාවේ නිලධාරියෙක් ඇගේ ඇඟිලි තුඩු සීතල වන බව ඉන්ටර්කොම් හරහා වාර්තා කර ඇය යළිත් නැගිටුවීමට උත්සාහ කරන දර්ශන ද අදාළ වීඩියෝවල දැක්වෙනවා.

අද පැවති මාධ්‍ය හමුවේදී මියගිය කාන්තාවගේ බාල සොහොයුරිය පැවසුවේ තම සහෝදරියට උදව් කිරීමට කිසිවෙකු නොමැති පරිසරයක දුක් විඳ මිය යාමට සිදු වූ ආකාරය ජපන් ජාතිකයින් ද දැන ගැනීම අවශ්‍ය බවයි.

ජපාන රජය විසින් නඩුවක සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලද වීඩියෝ දර්ශන පවුලේ අයට සහ ඇතැම් මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව නැරඹීමට හැකි වී ඇති අතර, ඉන් කොටසක් මහජනතාවට ප්‍රසිද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.

මෙම ශ්‍රී ලාංකික කාන්තාව ශිෂ්‍යාවක් ලෙස 2017 වසරේ දී ජපානයට පැමිණ තිබූ අතර වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මාසයේදී ආගමන මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මාසයක් පමණ කාලයක් වමනය සහ බඩේ කැක්කුම ඇතුළු රෝගී තත්වය ගැන පැමිණිලි කිරීමෙන් පසුවයි ඇය 2021 වසරේ මාර්තු 6 වන දින මිය ගොස් තිබුනේ.

මෙම මරණය සහ ඇයගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් ජපාන ජනතාව අතර මතබේධයට හේතු වූ අතර, සරණාගතයින් ඇතුළු පිටුවහල් කිරීමට මුහුණ දෙන විදේශිකයන් පිළිබඳ නීති සංශෝධන පනතක් මාස කිහිපයකට පසුව ඉවත් කිරීමට ද රජයට බල කෙරුණා.

රජය, වත්මන් සැසියේදී පනත නැවත ඉදිරිපත් කර ඇති අතර, ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, එවැනි සිද්ධීන් නැවත ඇතිවීම වැළැක්වීමට සහ දිගු කාලීන රැඳවුම් ගැටලුව විසඳීමට කල්තියා බලාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඇය නීති විරෝධී ලෙස රඳවා තබාගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් මිය ගිය බව කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ඇයගේ මරණය සම්බන්ධයෙන් රජයෙන් වන්දි ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34