ජපානයේ මගී ගුවන්යානා දෙකක් එකිනෙක ගැටෙයි

ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එක් ධාවන පථයක් වසා දැමීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. EVA එයාර් සහ තායි එයාර්වේස් ගුවන් යානා දෙකක් මෙම අනතුරට ලක්වී ඇතැයි සඳහන්.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.

බැංකොක් බලා පිටත් වූ තායි එයාර්වේස් ජාත්‍යන්තර ජෙට් යානයක් තායිපේ බලා යන ඊවා එයාර්වේස් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇතැයි සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි වී නැහැ.

තායි එයාර්වේස් ගුවන් යානයේ තටුවක කොටසක් කැඩී ගොස් ඇති අතර ටෝකියෝ ගුවන් තොටුපළ කාර්යාල නිලධාරීන් විමර්ශන සඳහා නිලධාරීන් එම ස්ථානයට යවා තිබෙනවා.

ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලට මෙමගින් බාධා සිදුව ඇති අතර අනෙක් ධාවන පථ තුන විවෘතව පවතින බව සඳහන්.

අනතුර හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් දෙකටම බලපෑම් එල්ලවී ඇති අතර ගුවන් සේවා සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ කවදාදැයි ජපාන නිලධාරීන් මෙතක් නිශ්චිතව සඳහන් කර නැහැ.

ඉදිරි පැය කිහිපයේ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හමුවේ විකල්ප ප්‍රවාහන මාධ්‍ය සඳහා ඇති ඉල්ලුම වැඩි වීමට හේතු විය හැකි බවයි ජපාන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40