spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ මගී ගුවන්යානා දෙකක් එකිනෙක ගැටෙයි

ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එක් ධාවන පථයක් වසා දැමීමට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. EVA එයාර් සහ තායි එයාර්වේස් ගුවන් යානා දෙකක් මෙම අනතුරට ලක්වී ඇතැයි සඳහන්.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ.

බැංකොක් බලා පිටත් වූ තායි එයාර්වේස් ජාත්‍යන්තර ජෙට් යානයක් තායිපේ බලා යන ඊවා එයාර්වේස් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇතැයි සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි වී නැහැ.

තායි එයාර්වේස් ගුවන් යානයේ තටුවක කොටසක් කැඩී ගොස් ඇති අතර ටෝකියෝ ගුවන් තොටුපළ කාර්යාල නිලධාරීන් විමර්ශන සඳහා නිලධාරීන් එම ස්ථානයට යවා තිබෙනවා.

ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලට මෙමගින් බාධා සිදුව ඇති අතර අනෙක් ධාවන පථ තුන විවෘතව පවතින බව සඳහන්.

අනතුර හමුවේ දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් දෙකටම බලපෑම් එල්ලවී ඇති අතර ගුවන් සේවා සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ කවදාදැයි ජපාන නිලධාරීන් මෙතක් නිශ්චිතව සඳහන් කර නැහැ.

ඉදිරි පැය කිහිපයේ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හමුවේ විකල්ප ප්‍රවාහන මාධ්‍ය සඳහා ඇති ඉල්ලුම වැඩි වීමට හේතු විය හැකි බවයි ජපාන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?