ජපානයෙන් ලැබුනු මිලියන ගණනක ප්‍රධානය

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදා ගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මෙරටට ප්‍රදානය කර තිබේ.

අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම වාහන සහ උපකරණ බාරදෙනු ලැබීය.

ඒ, ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙසය.

ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් වෙයි.

එහි වටිනාකම රුපියල් මිලියන 700කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?