ජපානයට ඉදිරියේ දී ප්‍රබල භූමිකම්පාවක්

ජපානයට ඉදිරියේ දී ප්‍රබල භූමිකම්පාවක් ඇති වීමේ වැඩි අවස්ථාවක් පවතින බවට පුරෝකථනය කර තිබෙනවා.

ටෝකියෝවට බටහිරින් ජපානයේ වෙරළ තීරයේ ඇතිවිය හැකි මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 08ත් 09ත් අතර අගයක් ගනු ඇති බවයි අනාවැකි පළකරන්නේ.

එම භූමිකම්පාව ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක් ද ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

මෙම ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට ආසන්න ජීවිත හානි සංඛ්‍යවක් සිදුවිය හැකි බවත් , ජපාන ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.8ක හානියක් සිදුකළ හැකි බවටයි විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

ටෝකියෝ සහ ඔසාකා යන ජනාකීර්ණ නගර ඇතුළුව ජපානයේ ප්‍රාන්ත 47 න් 20 කට වැඩි ප්‍රමාණයක් මෙම දරුණු භූමිකම්පාවෙන් සෘජුවම බලපෑමකට ලක්වනු ඇති බවයි වැඩිදුරටත් පුරෝකථනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
7
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?