ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්

එක් පුද්ගලයකුට රු . 11,219 කින් මාසයක් ජීවත් විය හැකි යැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි . ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ මැයි මාසය සඳහා ප්‍රකාශයට පත්කළ නිල ජාතික දරිද්‍රතා සීමා දත්ත හා තොරතුරුවල මේ බව සඳහන් වේ ඒ අනුව 4 දෙනකුගෙන් යුත් පවුලක් සඳහා මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට මාසයකට අවශ්‍ය අවම වියදම රුපියල් 44,876 ක මුදලක් වනු ඇත .

2012 සහ 2013 වසරේදී මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ජාතික මට්ටමින් එක් පුද්ගලයකුට වැය වන මුදල රුපියල් 5223 ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවල සඳහන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන එක් පුද්ගලයකුට වැය වන මුදල රුපියල් 5429 ක් වේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?