ජන අරගලයට ගාලු මුවදොරට පැමිණ සහය දැක්වූ පොලිස් නිලධාරියාගේ කැරැට්ටුව එළියට

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන අරගලයට අද විශේෂ දවසක්.
ඒ අවුරුදු දවසේ අවුරුදු සැමරුමක්ද එහි සිදුකිරීම.
ඒ වගේම රට වටෙන්ම බොහෝ පිරිසක් අද කැවිලි සහ ආහාර සමග අවුරුදු රැගෙන ගාලු මුවදොර පිටියට පැමිණ සිටින අයුරු දැකගැනීමට හැකිවුණා.
ඒ වගේම මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන පොලිස් නිලධාරියෙකුගේ පැමිණීම ගැනත් කවුරුත්ම කතාවෙනවා.
ඔහු එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමක්ද සිදුකර තිබුණා.
එහිදී ඔහු පැවසුවේ රැකියාව නැති වුණත් කුලී වැඩක් කර තම පවුල රැකගැනීම නම්බුවක් බවයි.
කෙසේ වෙතත් මෙම පොලිස් නිලධාරියා කවුද..?
මේ වනවිට ඔහු සම්බන්ධ චෝදනා රැසක් පිළිබඳ තොරතුරු පැතිර යමින් තිබෙනවා.
ඒ මෙම නිලධාරියා චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් අරගලයට මුවාවී ඒවායින් ගැලවී මිනිසුන්ගේ නම දිනාගෙන තම ජීවිතය ගොඩනගා ගැනීමට වෙර දරන බවත්ය.
ඒ සම්බන්ධ පොලිස් වාර්තා කිහිපයක්ද අප වෙත ලැබී තිබෙනවා.
එහි සඳහන්ව තිබෙන්නේ පොලිස් සැරයන්වරයෙකු වන මෙම පුද්ගලයා 1999 රාජකාරී පැහැරහැරීමක් සම්බන්ධයෙන් දඩුවම් ලබා ඇති බවයි.
තවද 2013 මැයි මස 22 වැනි දින ගංජා කිලෝ ග්‍රෑම් 5 ග්‍රෑම් 16 ක් ජාවාරම් සඳහා ප්‍රවාහනය කිරීමට වරදකරු වී ඇති බවයි.
තවද අපකීර්තිමත් හැසිරීම, දූෂිත ක්‍රියා අණට කීකරු නොවීම යන හේතු මත පරීක්ෂණවලට ලක්ව වැරදිකරු බවට තීරණය කිරීම නිසා ඉන් ගැලවීම සඳහා අරගලයට පැමිණ ඇති බවයි.

මේ කෙසේ වෙතත් ප්‍රශ්නය වන්නේ එසේ මෙම නිලධාරියා කටයුතු කර ඇත්නම් මේ දක්වා ඔහු සේවයේ පිහිටවා තිබෙන්නේ කෙසේද යන්නයි..

අරගලයට පැමිණි වහාම මේ දේවල් එළියට දමන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවකි

පොලිස් වාර්තා බවට සඳහන් කරමින් අපට ලැබුණු සටහන් පහතින්…

පෙර පුවත – මුවදොර ජනතා අරගලයට පොලිස් නිලධාරියෙකුත් එක්වෙයි (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34