ජනේලයෙන් පිටතට හිස දැමූ දහම් පාසල් සිසුවා නොඑන ගමන් ගිහින්

බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් පැමිණි දහම් පාසල් සිසු කණ්ඩායමක සිසුවෙක් උණවටුන, රුමස්සලදී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා බස් රථයක පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර, එහිදී ජනේලයෙන් පිටතට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

මියගිය සිසුවා ඇතුළු දහම් පාසල් සිසුන් 112 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බස් රථ දෙකකින් පැමිණ, ගාලු කොටුව නරඹා උණවුටන සාම චෛත්‍ය නැරඹීමට යන අතර තුර මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
3
+1
48
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?