ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍යවරයෙක්

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබෙනවා.

අද (24) පස්වරුවේ මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරනු ලැබුවා.

නජිත් ඉන්දික යනු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර ඔහු වීරකැටිය – රන්න මහා විද්‍යාලයෙ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ද ආදි ශිෂ්‍යයෙක් වනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලැබූ නජිත් මහතා විවිධ රජයේ රෝහල්වල සේවය කර ඇති අතර ක්‍රියාකාරී සමාජ ක්‍රියාකාරිකයෙක් ද වනවා.

වෛද්‍ය නජිත් ඉන්දික යනු අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?