ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදු වූ හානි විමර්ශනයට විශේෂ කණ්ඩායමක්

අරගලකරුවන් භාරයේ පැවති කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එළැඹෙන සතියේදී අදාල කණ්ඩායම ඒ සඳහා යොමු කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 12 වනදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිරීක්ෂණයකට එක් වුණා.

එහිදී නිරීක්ෂණය වූ කරුණු මත ඔවුන් සඳහන් කළේ අදාල ස්ථානවලට බරපතල ලෙස හානි සිදුව ඇති බවත් ඒවායේ පැවති වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි.

පසුගිය 09 වනදා කොළඹට පැමිණි ජනතාව ගාලුමුවදොර අරගලකරුවන් සමග එක්ව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත්කර ගත්තා.

පසුව අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය ආරක්ෂක අංශ වෙත භාරදුන් අතර, පසුගිය 22 දා අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු ආරක්ෂක අංශ විසින් අරගලකරුවන් භාරයේ තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය සිය පාලනයටනතු කර ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51