අරගලකරුවන් භාරයේ පැවති කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එළැඹෙන සතියේදී අදාල කණ්ඩායම ඒ සඳහා යොමු කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම පසුගිය 12 වනදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිරීක්ෂණයකට එක් වුණා.
එහිදී නිරීක්ෂණය වූ කරුණු මත ඔවුන් සඳහන් කළේ අදාල ස්ථානවලට බරපතල ලෙස හානි සිදුව ඇති බවත් ඒවායේ පැවති වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි.
පසුගිය 09 වනදා කොළඹට පැමිණි ජනතාව ගාලුමුවදොර අරගලකරුවන් සමග එක්ව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත්කර ගත්තා.
පසුව අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය ආරක්ෂක අංශ වෙත භාරදුන් අතර, පසුගිය 22 දා අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු ආරක්ෂක අංශ විසින් අරගලකරුවන් භාරයේ තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය සිය පාලනයටනතු කර ගැනීමට සමත් වුණා.




