ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ UNO නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින දිගුකාලීන මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

දිට්වා සුළිකුණාටුවෙන් පසුව රජය ගෙන යන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු සම්බන්ධව මෙන්ම, 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය ආවරණය වන පරිදි ප්‍රකාශයට පත් කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ (Humanitarian Priorities Plan – HPP) ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් වන අසාම් බාකීර් මාකර් (Azam Bakeer Marker, වගීෂ පෙරේරා, TCMNRT Cooray යන පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40