ජනාධිපති අරමුදල සැබෑම ජනතාවාදී අරමුදලක් බවට පත් කළා – අගමැතිනිය කියයි

ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවාදී අරමුදලක් බවට පත්කර ඇති අතර, සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියා.

“සරසවි දිරියෝ අභිමන් 2026” විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින් අද (11) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් විශේෂ අවශ්‍යතා වර්ගීකරණය යටතේ ප්‍රවේශය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 370කට රු.100,000.00 බැගින් මූල්‍යාධාර ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති අතර එහි පළමු අදියර යටතේ දරුදැරියන් 236ක් වෙත චෙක්පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට, විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තියයි, විශ්වවිද්‍යාල තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් (Access) සලසා දීමේ සුවිශේෂී වගකීමක් උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන වගකීමක්. මීට අමතරව, සහායක තාක්ෂණයන් (Assistive technology) හරහා අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත්, පොදු ප්‍රවාහනය හා භෞතික යටිතල පහසුකම් ආබාධිත පුද්ගලයන්ට හිතකාමී ලෙස සංවර්ධනය කිරීමටත් රජය මැදිහත් වෙමින් සිටිනවා. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට බරක් නොවන, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක් බව අවධාරණය කරන අතර, සියලු දෙනාගේ වටිනාකම් පිළිගන්නා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම මෙහි අවසාන අරමුණයි.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48