ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනික උපකරණ පිරිනැමේ

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙක්ට ලැප්ටොප් පරිගණක ලබා දීම එහිදී සිදු කෙරුණු අතර, ජනාධිපති අරමුදල මේ සඳහා වැය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 58ක්.

ඒ අනුව, 2025 වසරේදී සහ 2026 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනකුට පමණ ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ ලබා දී තිබෙන අතර, ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් ලක්ෂ 98කට වැඩි මුදලක් වැය කර තිබෙනවා.

ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17