ජනාධිපති අනුර අද ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා අද (15) දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

අනුර කුමාර ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා; ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මුණගැසෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් ඉහළ පෙළේ ඉන්දීය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

එළෙඹෙන 17 වනදා දක්වා ජනාධිපතිවරයා ඉන්දියාවේ රැඳී සිටින අතර, මෙම සංචාරයේ දී දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ තහවුරු කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?