AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරයාගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර අවසරයක් ගන්න – ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ගන්නා ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; රජයේ අරමුදල් භාවිත කරමින් සිදු කරන කාර්‍යයන්වල දී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුව කටයුතු කිරීම අවශ්‍ය බැවින් මෙම දැනුම්දීම රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා විසින් සිදු කරන ලද බවයි.

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන් ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට එම නිසා දැනුම්දීමට පියවර ගෙන තිබෙනවා.

සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?