“ජනාධිපතිතුමනි, මේක දෛවයේ සරදමක්” – මන්ත්‍රීවරයෙක් කියයි

ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙන බවත්, එහෙයින් වැදගත් වැදගත් වන්නේ ක්‍රියාව බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. 

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතමින් සිදුකරනු ලැබූ කතාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

“ඔබ වැඩි බරක් යොදා පැවසූ සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමත් ඒ වගේ එකක්. ඇත්තටම ඔබේ සිතේ තිබෙන ධෛර්යට මා ගරු කරනවා. බොහෝ විශේෂඥයින් මෙය කළ නොහැකි කාර්යක් යැයි කියද්දී එය කිරීමට හැකියැයි ඔබ විශ්වාස කරනවා. නමුත්, එය කළ හැක්කේ ක්‍රමානුකූලව යැයි ඔබට කල්ගත වූ පසුව වැටහේවි.” යැයිද එම සටහනේ දැක්වෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා තැබූ සටහන පහතින්,

ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙනවා ජනාධිපතිතුමනි.

ගරු ජනාධිපතිතුමනි, ඔබ ජාතිය අමතා සිදුකළ කතාවේදී පැවසූ සුවිශේෂී කාරණාවක් වූයේ ඔබගේ රජය විසින් සිදුකරන හොඳ වැඩ පිළිබඳව ලැබෙන ප්‍රචාරය මදි බවයි. මේ නිසා, සත්‍ය යටපත් වී බොරුව උඩට එනබව ඔබ පැවසුවා. ඒ නිසා, මෙවැනි කතාවක් කිරීමෙන් ඔබ උත්සාහ කරන්නට ඇත්තේ ඒ ප්‍රචාරණ අඩුව මගහරවා ගැනීමට බව පැහැදිලියි. කතාව පුරාම තිබුණු අන්තර්ගතයන් දුටුවිට ඒ බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අනාගතයේදී සිදුවිය හැකි බලාපොරොත්තු ගොන්නක් එහි ඇතුළත් වුණා. එය බිඳවැටෙමින් තිබෙන ජනතා විශ්වාසය යළිත් උද්දීපනය කිරීමට සමත්වනු ඇතැයි ඔබ සිතනවා ඇති. ඔබ සඳහන් කළ කාරණා සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

අප විපක්ෂයේ සිටියද ඔබ අප සැම නියෝජනය කරන නායකයා නිසා ඔබ අසාර්ථක වුවහොත් අප සැම පසුපසට යනවා. මා එවැන්නක් කිසිදා බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත්, ඔබ පතන ගමන යාමට වැඩපිළිවෙළක් අවශ්‍යයයි. එවැනි පැහැදිලි වැඩපිළිවෙළක් ඔබගේ කතාව තුළින් මා දුටුවේ නෑ. 2015 දී හොඳට දුන්නු රටක් යහපාලන ආණ්ඩුව විනාශ කළැයි ඔබ චෝදනා කළා. ඒ පව් අපිට කරගහන්න වෙලාවගේ කතාවක් තමයි ඔබතුමා කිව්වේ. නමුත්, ජනාධිපතිතුමනි, මේක දෛවයේ සරදමක් වගේ දෙයක්. යුද්ධය ජයග්‍රහණය කිරීම ගැන ඔබ අදත් අභිමානයෙන් කතා කළා. ඒ ගැන මගේ හිතෙත් අභිමානයක් තියනවා. නමුත්, යුද්ධය දින්නාට පස්සේ ඔබලාගේ ආණ්ඩුව නිසි ආර්ථික දැක්මකින් කටයුතු කළේ නෑ. ණය අරන් මොනවද කළේ? නෙළුම් කුළුණක් හැදුවා. හම්බන්තොට ගුවන්තොටුපොළක් හැදුවා, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා සහ වරායවල් හැදුවා. ඒවා කොතරම් තාර්කික ආර්ථික තීරණද? ණයට අරන් කරපු ඒ වැඩ වලින් අපිට ඉතුරු වුණේ ණය කන්දක් විතරයි. ඒ ණය යහපාලන ආණ්ඩුවත් කොහොම හරි ගෙව්වා. හැබැයි, හොඳම හරිය ගෙවන්න ඇවිල්ලා තියෙන්නෙ ඔබට.

ඒක නිසා, මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ 2015 ට කලින් ජනාධිපතිතුමනි. එදා හදපු නෙළුම් කුළුණු වලින් අද ප්‍රතිඵලයක් නෑ වගේම ඔබ අද කියපු බොහෝ දේවල් වලින් අනාගතයේ එතරම් වැදගත් ප්‍රතිඵලයක් ලැබේයැයි හිතන්න අමාරුයි.

ඔබ වැඩි බරක් යොදා පැවසූ සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමත් ඒ වගේ එකක්. ඇත්තටම ඔබේ සිතේ තිබෙන ධෛර්යට මා ගරු කරනවා. බොහෝ විශේෂඥයින් මෙය කළ නොහැකි කාර්යක් යැයි කියද්දී එය කිරීමට හැකියැයි ඔබ විශ්වාස කරනවා. නමුත්, එය කළ හැක්කේ ක්‍රමානුකූලව යැයි ඔබට කල්ගත වූ පසුව වැටහේවි. එවිට සාමාන්‍ය ගොවි සමාජය, අපගේ කෘෂි කර්මාන්තය දැවැන්ත බිඳවැටීමකට පත්වනු ඇති.

ඒ වගේම ඔබ දුන් පොරොන්දුවක් තමයි, එක් රටක්. එක් නීතියක්. ඒ ගැන අද ඔබ වැඩිපුර කතා කළේ නෑ. යහපාලන ආණ්ඩුව බිඳවැටෙමින් තිබෙන විට බොහෝ දෙනෙකු අපටත් පැවසුවේ අපේ ආණ්ඩුව කරන දේවල් හරියට සන්නිවේදනය නොකරන නිසා එම බිඳ වැටීම සිදුවූ බවයි. සන්නිවේදනයේ ඔස්තාර්ලා සිටි ඔබතුමන්ද අද ඒ කතාවම කියනවා. මට නම් වැටහෙන්නේ ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙන බවයි. ඒ නිසා, වැදගත් වැදගත් වන්නේ ක්‍රියාවයි ගරු ජනාධිපතිතුමනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04