ජනවාරි සිට නොවැම්බර් තෙක් සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනවාරි මස සිට නොවැම්බර් 20 වැනි දින තෙක් සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදල් අය කරගැනීමට සමත් ව තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ලගේ උපදෙස් මත 2023 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා දිවයින පුරා වැටලීම් 22000ක පමණ ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

ඒ අතර සහල් වැටලීම් 3151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදු කර තිබෙනවා.

20,256ක පමණ නඩු පැවරිමෙන් රු.241,849,949/- (රුපියල් විසිහතර කෝටි දහඅට ලක්ෂ හතලිස් නවදහස් නවසිය හතලිස් නමයක) මුදලක් අධිකරණය මගින් වැරදිකරුවන් හට දඩ ලෙස නියම කර ඇති බවත් වාර්තා වනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිල දී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්‍ර කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?