ජනවාරි සිට නොවැම්බර් තෙක් සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනවාරි මස සිට නොවැම්බර් 20 වැනි දින තෙක් සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදල් අය කරගැනීමට සමත් ව තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ලගේ උපදෙස් මත 2023 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා දිවයින පුරා වැටලීම් 22000ක පමණ ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

ඒ අතර සහල් වැටලීම් 3151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදු කර තිබෙනවා.

20,256ක පමණ නඩු පැවරිමෙන් රු.241,849,949/- (රුපියල් විසිහතර කෝටි දහඅට ලක්ෂ හතලිස් නවදහස් නවසිය හතලිස් නමයක) මුදලක් අධිකරණය මගින් වැරදිකරුවන් හට දඩ ලෙස නියම කර ඇති බවත් වාර්තා වනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිල දී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්‍ර කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07