ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයි

සිනමාවෙනුත්, පුංචි තිරයෙනුත් කාගෙත් සිත් සොරා ගත් රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මීට මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මේ ඒ පිළිබඳව සඳහන් කරමින් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ තැබූ සටහන…

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනයන් දිවිසැරිය නිමා කරයි …………………………
සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මීට සුළු මොහොතකට පෙර සිය ජීවිතයෙන් සමුගෙන ඇති බව ආරංචි වීමම මහත් සේ කම්පාවට කරුණක් වීය. එහෙත් අවාසනාවකට එය සත්‍යයකි.
සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර “සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” සහ “ඇහැළේපොළ කුමාරිහාමි” වැනු චිත්‍රපටවල කැපීපෙනෙන උප ප්‍රධාන චරිත රඟපෑවාය. සරසවිය ජනප්‍රියම නැගී එන නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ විශාකා වේදිකාවේ කලාතුරකින් රඟපානු දක්නට ලැබෙන අතර පුංචි තිරයේ නිතරම දකින මුහුණකි.
මා ඇගේ ඡායාරූප මුළින්ම ගනු ලැබුවේ 1997 වසරේ ය. ගතවූ වසර 24තුළ ඇය මගේ හිතවත්ම යෙහෙළියකි. විනෝද චාරිකා, විවාහ මංගල උත්සව වැනි අවස්ථාවල අප නිබඳව සිනහවෙන් කල්ගෙවා ඇති අතර ඒ සැමරුම් මතකයේ සදා රැඳෙනු ඇත.
මුහුණුපොත ඔස්සේ මගේ සියලු සටහන් වෙනුවෙන් නිබඳව ඇය ද සුබ පතමින්, දිරි ගන්වමින් එක්වන අතර අප සැම දෙනා වෙනුවෙන් ම ඇය දැක්වූ ආදරය ගෞරවය අපිරිමිත ය. දකිනා ඕනෑම අවස්ථාවක මහත් සේ හෘදයාංගමව අප සමග කටයුතු කරන ඇය සිතාගත නොහැකි නිමේෂයක මෙලෙසින් අපෙන් නික්ම යෑම මහත් කම්පාවක්ම ය. එහෙත් ජීවිතය එයම නොවෙදැයි ඇය අපට වටහාදී නික්මෙන්නීය.
මේ සසර ගමනේ යළිඳු කිසිත් භවයක මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවායි පතන අතරම ආදරණීය විශාකා ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවායි පතමි !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?