ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයි

සිනමාවෙනුත්, පුංචි තිරයෙනුත් කාගෙත් සිත් සොරා ගත් රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මීට මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මේ ඒ පිළිබඳව සඳහන් කරමින් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ තැබූ සටහන…

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනයන් දිවිසැරිය නිමා කරයි …………………………
සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මීට සුළු මොහොතකට පෙර සිය ජීවිතයෙන් සමුගෙන ඇති බව ආරංචි වීමම මහත් සේ කම්පාවට කරුණක් වීය. එහෙත් අවාසනාවකට එය සත්‍යයකි.
සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර “සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” සහ “ඇහැළේපොළ කුමාරිහාමි” වැනු චිත්‍රපටවල කැපීපෙනෙන උප ප්‍රධාන චරිත රඟපෑවාය. සරසවිය ජනප්‍රියම නැගී එන නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ විශාකා වේදිකාවේ කලාතුරකින් රඟපානු දක්නට ලැබෙන අතර පුංචි තිරයේ නිතරම දකින මුහුණකි.
මා ඇගේ ඡායාරූප මුළින්ම ගනු ලැබුවේ 1997 වසරේ ය. ගතවූ වසර 24තුළ ඇය මගේ හිතවත්ම යෙහෙළියකි. විනෝද චාරිකා, විවාහ මංගල උත්සව වැනි අවස්ථාවල අප නිබඳව සිනහවෙන් කල්ගෙවා ඇති අතර ඒ සැමරුම් මතකයේ සදා රැඳෙනු ඇත.
මුහුණුපොත ඔස්සේ මගේ සියලු සටහන් වෙනුවෙන් නිබඳව ඇය ද සුබ පතමින්, දිරි ගන්වමින් එක්වන අතර අප සැම දෙනා වෙනුවෙන් ම ඇය දැක්වූ ආදරය ගෞරවය අපිරිමිත ය. දකිනා ඕනෑම අවස්ථාවක මහත් සේ හෘදයාංගමව අප සමග කටයුතු කරන ඇය සිතාගත නොහැකි නිමේෂයක මෙලෙසින් අපෙන් නික්ම යෑම මහත් කම්පාවක්ම ය. එහෙත් ජීවිතය එයම නොවෙදැයි ඇය අපට වටහාදී නික්මෙන්නීය.
මේ සසර ගමනේ යළිඳු කිසිත් භවයක මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවායි පතන අතරම ආදරණීය විශාකා ඔබට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවායි පතමි !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36