ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රනතුංග ඇගේ උපන්දිනය සැමරුවේ හරි අපුරු ආකාරයට.ඇය ඒ වෙනුවෙන් ඇගේ මුහුණු පොතෙහිද සටහනක් තබා තිබුනේ මේ ආකාරයට…
උපන් දිනය දා — උපන් දිනය දවස අනෙකුත් දවස් වලින් විශේෂ වෙන්නේ කොහොමද? කෙනෙක් ට එහෙම හිතෙන්න පුළුවන්.ඇත්ත ඒ තවත් එක් දිනක්…. හැබැයි අමතක කරන්න බෑ… ඒ දවස අපි වයසට යනවා කියන එක සිහිපත් කරන දවස බව. ඒ වුණත් ඒ දවසට අලුත් අර්ථයක් වටිනාකමක් එක් කරන්නේ ඒ දවස තුල ලැබෙන සුබපැතුම්.හිතාගන්නත් බැරි තරමේ පෞද්ගලිකව දන්නා හඳුනන දෙනා සේම කිසිදිනෙක මුණ නොගැසුණු අය පවා හෘදයාංගමව සුබ පැතුම් එකතු කරලා තියෙනවා.මට සුබ පැතුම් එක් කල සමහර අයට මම කවදාවත් උපන් දිනයට සුබ පතලා නතුව ඇති.ඒ තරම් අය උපන් දිනයට සුබ පතලා තිබුණා.ඒ දේවල් ඇහෙද්දී සහ දකිද්දී මම මොන තරම් වාසනාවන්තද කියලා හිතුණා. හැමෝටම පෞද්ගලිකව ප්‍රතිචාර දක්වන්න නම් තව දවසක් දෙකක් යාවි.ඒ නිසා හිතුවා හැමෝටම මෙහෙම ප්‍රතිචාර දක්වන්න. ඒ ආදරයට මම හැමදාම ආදරෙයි. වචන වලින් කියන්න බැරි තරම් ස්තුතියි.කලාකාරිනියක් විදියට මම ලබන සම්මානයත් මේ ආදරයයි.උපන් දිනේ සතුට තව තවත් දෙගුණ තෙගුණ කළේ මේ ආදරණිය වැඩිහිටියන් සහ දරුවන්. මේ ආදරණීයන් ඉන්නේ බණ්ඩාරගම – ගැලනිගම රේවත මාපිය සෙවනේ.හරිම සුන්දර දරුවන් සහ වැඩිහිටි පිරිසක් ඉන්න තැනක්.මේ අයත් අපි වගේම ජීවිතය දකින්න විඳින්න ආස අය. මේ ඉන්නේ විශේශ අවශ්‍යතා සහිත අය නෙමෙයි..මම ඔවුන්ව දකින්නේ විශේෂ දක්ශතා ඇති අය කියලා. මේ අය එක්ක මම උපන් දිනය සමරුවා.හිත පිරෙන්න ආදරය වින්දා. හිත පිරෙන්න සතුට වින්දා. ජිවිතය කියන්නේ එක පාරක් වියදම් කරන්න ලැබෙන කාසියක් කියලා මම අහලා තියෙනවා.ඒ කාසිය හරි දේට වියදම් කරන්න. තමන්ගේ වගේම තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් මොහොතක් කැප වෙන්න.මේ හැමෝම අපි එක්කම සිංදුවක් කියලා මේ නටන්නේ උතුරා යන සතුට හිතේ දරාගෙන. දවසකට දෙකකට පමණක් නෙවෙයි පුළුවන් හැමවෙලාවේම මේ අය එක්ක ඉන්න ඇත්නම් කියලා හිතුණා.ඉතින් උපන් දිනේට සුබ පැතූ හැමෝටම ආයෙමත් ආදරෙයි කියන ගමන් මම ආදරෙන් ආරාධනා කරන්නේ ඔයාලටත් පුළුවන් හැමවෙලාවේම පුංචි හරි කාලයක් මේ අය වෙනුවෙන් වෙන්කරන්න. මට දෙයක් ලැබීමෙන් මා ලබන සතුට තාවකලිකයි. එහෙත් මා කරන පරිත්‍යාගයකින් මා ලබන සතුට සදාකාලිකයි. මම මා වෙනුවෙන් කල සියල්ල මගේ ජීවිතයත් සමග අවසන් වෙයි. එහෙත් මා අන් අය වෙනුවෙන් කල සියල්ල සදා මතකයක් වී තියෙයි.
– මම හැමදාමත් ඔයාලගේම චුලක්ෂි –